රංගනයෙන් සම්මානයට පාත්‍ර වුණු තිසුරිට ලැබුණු හොදම සම්මානය
තිසුරි යුවනිකා කියන්නේ කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පිනියක් .
ඇයගේ මවත් මෙරට කලා ක්ෂේත්‍රය පෝෂණය කළ දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් අවාසනාවකට දැන් ඇය මේ වනවිට ජීවතුන් අතර නැහැ .
නමුත් සුසන්තා චන්ද්‍රමාලි නම් ඒ දක්ෂ ශිල්පිනියගේ ඒ සරල නිරංකාර කමත් අපූරු රංගන හැකියාවත් තිසුරිට හරි අපූරුවට පිහිටලා තිබුණා .
මේ දිනවල තිරගත වන ධර්ම යුද්ධය තුළින්ද ඇගේ රංගන කුසලතාවය මුළු ලෝකයටම බලාගන්න පුළුවන් වෙලා තියනවා.
ඉතිං රංගනයෙන් සම්මාන වලට පාත්‍ර වුණ ඇය අද උදෑසන ආරංචි වුණේ ලෝකයේ වටිනම සම්මානයක් ලබාගත් බවයි .
ඒ තමයි උතුම් මව් පදවිය ඉතිං තිසුරි මේ ආදරණීය පණිවිඩය මුහුණුපතට එක්කරලා තිබුණේ මේ විදිහට
''මේ ලෝකයේ ආශ්චර්යයන් සිදුවෙනවා,
අද මම මගේ එක අල්ලගෙන ඉන්නවා. මාස දහයක් ඔයා මගේ හදවත යට ජීවත් වුණා,
දැන් මට අන්තිමට ඔයාගේ ලස්සන මූණ පේනවා. ලෝකයට සාදරයෙන් පිළිගනිමු, මගේ වටිනා මෝවානා. ඔයා මගේ ප්‍රියතම ආශ්චර්යය.
මම ඔයාට මේක පොරොන්දු වෙනවා .මම මගේ අම්මා මාව ඇති දැඩි කළ ආකාරයටම ඔයාව ඇති දැඩි කරන්නම්: කරුණාවෙන්, ශක්තියෙන්, නිහතමානීකමෙන් සහ ආදරයෙන්. මම මේ ලෝකයට ඔබව සරල ,
ශක්තිමත් සහ මෘදු චරිතයක් සහිත ලස්සන ආත්මයක් ලෙස තිළිණ කරන්නම්.
අම්මා සහ තාත්තා ඔයාට සදහටම ආදරෙයි 🤍 ''
ඇයත් දැන් පුංචි දියණියකගේ ආදරණීය මවක්

