රියදුරු මරා ත්‍රීරෝද රථය පැහැරගෙන - මල සිරුර කානුවක

Report

පුත්තලම තිල්අඩිය අල්කාසිම් ගම්මානය ආසන්නයේ මාර්ගයක් අසළ කානුවක තැන්පත් කර තිබූ ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුරක් අද (22) හමුවී ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තිල්අඩිය පදිංචි, පස් දරු පියෙකු වන 72 හැවිරිදි අබ්දුල් ලතිෆ් මහතාය. ඔහු ඊයේ (21) රාත්‍රියේ නිවසේ සිටියදී “හයර්” ගමනක් යාම සඳහා යැයි පවසමින් පැමිණි පුද්ගලයෙකු සමඟ පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ.

විශාල විදුලි අර්බුදයක අවදානම - ආණ්ඩුව නීතිපතිගෙන් උපදෙස් පතයි

විශාල විදුලි අර්බුදයක අවදානම - ආණ්ඩුව නීතිපතිගෙන් උපදෙස් පතයි

ඔහු උදෑසන වන තුරු නිවසට නොපැමිණීම හේතුවෙන්, ඔහුගේ බෑනා විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. පසුව, ඔහුගේ නිවසට කිලෝමීටර් දෙකකට ආසන්න දුරකින්, අඩපනාවිල්ලුව ගම්මානයට යන මාර්ගයේ කානුවක සිරුර දමා තිබෙනු දැක ගම්වාසියෙකු විසින් දැනුම් දීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඒ ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු බවයි. කුලී ගමනක් යන මුවාවෙන් ඔහුව රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

රටටම අනතුරු ඇඟවීම් - ජනතාව ප්‍රවේශමෙන් - මේ පැතිවලට තව දුරටත් රතු නිවේදන

රටටම අනතුරු ඇඟවීම් - ජනතාව ප්‍රවේශමෙන් - මේ පැතිවලට තව දුරටත් රතු නිවේදන

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.