දීර්ඝ කාලයක් පවතින නීතී රීතී සංශෝධනය කරයි
රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරන පරිදි මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බව ද ඔහු කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
"ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් නියෝජනය කරන උපකමිටු සඳහා නිර්දේශයක් ලබා දීලා තියෙනවා.
අපි දන්නවා අපේ තියෙන සමහරක් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වාම ගමන් කරන ඒවා. සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා බොහොම පැරණි ඒවා. පැරණි වූ පමණින්ම නීති සියල්ල ඉවත් කළ යුතු නැහැ. ඒ වගේ තියෙන සාධනය ලක්ෂණ අපට අවශ්‍යයි. නමුත් කාලීන වශයෙන් වෙනස් වන තත්ත්වයන්ට අනුගත වන විදියට, වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන විදියට ඒ නීති රීති අණපනත් රෙගුලාසි ඕනෑම එකක් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා."