ගොඩනැගිල්ලක ගින්නක් - 12ක් මරුට
By Mithu
චීනයේ ශැන්ටාඕව් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ රාත්‍රියේ මහල් හතරකින් සමන්විත ගොඩනැගිල්ලක ඇතිවූ මෙම ගින්න විනාඩි 40ක් පමණ කාලයක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත.