IRC කාරයන්ව දේශපාලනයට ගාව ගන්න එපා, ආරක්ෂාව සපයන්න පොලිසියටත් අමාරුයි - මහජන ආරක්ෂක ඇමති

By Shehan Oct 27, 2025 05:47 AM GMT
Report

පාතාලයින් හෝ IRC කාරයින් මහජන නියෝජිතයන් ලෙස පත්වීම ආරක්ෂක ගැටලු ඇති කරන බවත්, නීතිගරුක පුරවැසියන් දේශපාලන නියෝජිතයන් ලෙස පත්කරන ලෙසත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

ජීවිත තර්ජන එල්ල වන ඕනෑම පුද්ගලයෙකුගේ ආරක්ෂාව සඳහා දේශපාලන භේදයකින් තොරව උපරිම මැදිහත්වීමක් කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව ඔහු පැවසීය.

මරණීය තර්ජන බොහෝවිට පාතාලය හා සම්බන්ධ බවත්, මෙම තත්ත්වය බරපතල බවත් ඇමතිවරයා මහනුවරදී මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.

පාතාලෙට සම්බන්ධ සියලුම මන්ත්‍රීන්ලට කෙළ වෙයි - දැනටමත් විමර්ශන පටන් අරන්

පාතාලෙට සම්බන්ධ සියලුම මන්ත්‍රීන්ලට කෙළ වෙයි - දැනටමත් විමර්ශන පටන් අරන්

"මරණ තර්ජනයක් හෝ අනාරක්ෂිත බවක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳව වහාම පොලීසිය දැනුවත් කළ යුතුයි. එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් වහාම අවශ්‍යය මැදිහත්වීම කරන්න කියලා අපි පොලීසියට දැනුම් දී තිබෙනවා. පසුගිය දිනක ප්‍රාදේශිය සභා සභාපතිවරයක් ඝාතනයට ලක් වුණා. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. මොන තරාතිරමේ පුද්ගලයෙකුගේ වුවත් ජීවිතය ආරක්ෂා කර ගැනීම වැදගත්."

“තමන්ට තර්ජනය තිබෙන බව කියමින් සභාපතිවරයා ආරක්ෂාව ඉල්ලා තිබුණු බව පොලිස්පති මගින් දැන ගන්න ලැබුණා. එ් ‍වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව පොලිස්පති මට දැනුම් දුන්නා. මේ රටේ කවුරු හෝ තර්ජනයට ලක්වනවා නම් දේශපාලන භේදයෙන් තොරව ඒ අයගේ රැකවරණය වෙනුවෙන් රජය මැදියත් වෙනවා. අපිට හැම ජීවිතයක්ම වටිනවා.

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCIDයට

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCIDයට

මිනිස් ජීවිතය එක් එක් අයුරින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. ඒක දේශපාලනය අනුව තෝරන්න පුළුවන්කමක් නැහැ. ස්වාධීනව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කියලා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. දේශපාලන මැදිහත්වීමක් එහිදී කරන්නේ නැහැ.”

"මහජන නියෝජිතයෙකුට ආරක්ෂාව ලබාදීම සම්බන්ධව ගැටලුවක් නැහැ. මහජන නියෝජිතත්ත්වයට පත්වන සමහර අය විවිධ නීති විරෝධී ක්‍රියාවල නියුක්ත වෙනවා. ඒ වගේ අවස්ථාවල ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේදී යම් යම් ගැටලු පැන නගිනවා. ඒ හැර මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන කිසිවෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇවිල්ලා නැහැ."

"නැගෙනහිර පළාතේ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකුට ආරක්ෂාව සපයා තිබෙනවා. අවශ්‍යය සෑම අවස්ථාවකම තර්ජනය ගැන පොලීසිය සැලකිලිමත් වෙනවා. මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන අතරතුර නීති විරොධී ක්‍රියාකාරම් වල යෙදෙන අයත් සිටිනවා.

නාමල් රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් - රජය තුළ සැක සහිත සූදානමක්? - නීතිඥ මනෝජ් ගමගේ

නාමල් රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් - රජය තුළ සැක සහිත සූදානමක්? - නීතිඥ මනෝජ් ගමගේ

ඒ අය ආරක්ෂාව ඉල්ලන අවස්ථාවේදී ඒක ඉටුකර දීම සම්බන්ධයෙන් පොලීසියට බාධා මතු වෙනවා. මොකද යම් අපරාධ ක්‍රියාකාරීත්වයක යෙදෙමින් පොලීසියේ රැකවරණය ඉල්ලීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. නමුත් ජීවිත පිළිබඳ සැලකිලිමත් වී පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා."

"පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි අපරාධකරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඇත්තටම ආරක්ෂාව සපයන්න තිබෙන්නේ ඔවුන්ට නෙවෙයි වින්දිතයින්ට හා සාක්කිකරුවන්ටයි."

මරණ තර්ජනයක් එල්ල වූ සජබ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට පොලිසියෙන් දෙන්නෙක්..

මරණ තර්ජනයක් එල්ල වූ සජබ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට පොලිසියෙන් දෙන්නෙක්..