බුදුපිළිමය කඩද්දී අතටම හසුවේ

nuwara eliya wellampitiya kotikavaththa junction abewela buddha statue
By Sewvandhi Jul 17, 2021 02:18 AM GMT
Report

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත මං සංධියේ ප්‍රදේශයේ බුදුපිළිමයකට හා එහි වීදුරුවලට හානි කිරීමේ හේතුවෙන් පුද්ගලයකු 15 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුවරඑළිය අඹේවල පදිංචි විජේකුමාර් නැමැත්තෙක්.

එම පුද්ගලයාගේ ලිපිනය ව්‍යාජ එකක් බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තම පදිංචිය වසන් කළේ ඇයිද යන්න පිළිබඳවත් බුදු පිළිමයට හානි කළේ ඇයිද යන්න ගැනත් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now