අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

Report

අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ ඒ-9 මාර්ගයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

බස් රථ තුන එකිනෙක ගැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඉරානයට ප්‍රහාර නැතැයි ට්‍රම්ප් කියයි - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවර පහළට

ඉරානයට ප්‍රහාර නැතැයි ට්‍රම්ප් කියයි - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවර පහළට