අද මධ්‍යම රාත්‍රියේ කරන්න යන දේ මෙන්න.

Sri Lanka Bread Bakery
By Aruna Oct 11, 2021 08:44 AM GMT
Aruna

Aruna

Report

‍පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ ගොස් ඇත.

මේ අතර කිරි තේ කෝප්පයක සහ කෑම පැකට්ටුවක මිල ද ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව කිරි තේ කෝප්පයක් හා කෑම පැකට්ටුවක් රුපියල් 10කින් මිල වැඩි කර ඇත.

එම සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් අකමැත්තෙන් වුවත් මිල ගණන් වැඩිකිරීමට සිදුවු බවය.

මිල ගණන් වෙනස් වු ආකාරය පහතින් දැක්වේ,

සියලුම කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට -

(එළවළු, බිත්තර, මාළු, මස් කෑම, rice,කොත්තු) *කිරි තේ එකක් රුපියල් 10 කින් වැඩිවෙන අතර ප්ලේන් ටී එකක මිල කිසිදු වෙනසක් සිදුනොවේ.

*සුළු කෑමවල මිල ගණන් වැඩි කිරීමත් සිදුනොවන ඇත.

*රොටියක මිල වැඩි කිරීමට තීරණය කර ඇති අතර මිල වැඩිවීම ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now