මහනුවර ඓතිහාසික වැවේ ජෝයි බෝට්ටු වලට හිටිහැටියේම සිදු වූ දේ. ඇත්තම සිද්ධිය මෙන්න.
Kandy
By Wayomi
මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තබා තිබෙනවා.
ඒ, මහනුවර මහ නගර සභාව මඟින් .
මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉශාන් විජේතිලක කියා සිටියේ,ජෝයි බෝට්ටු සේවාවේ ගිවිසුම් කාලය හමාරවීමෙන් පසු නැවත ටෙන්ඩර් කැඳවීමේදී ඉහළම ලන්සුව තැබූ ටෙන්ටර්කරුට එය ලබා දීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ, එම බෝට්ටු සේවාව වසර 53 ක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආ පාර්ශවය සහ නව ටෙන්ඩර්කරු අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන තුරු එම ස්ථානයට කිසිවෙකුටත් ඇතුල්වීමට නොහැකි ආකාරයට සීල් තබා වසා දැමීමට පියවර ගත් බවයි.