ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර

Report

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹදී බොදුබල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් පළ කළ බවට උන්වහන්සේට චෝදනා එල්ල වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව පොලිසිය අද (11) දින අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 11ක කාලයක් තුළ නීතිපති උපදෙස් නොලැබීම සහ එම ප්‍රමාදයට හේතු පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පොලිසියට නියෝග කර තිබුණි.

ඒ අනුව, එම නියෝගයට අනුව පොලිසිය අද දින අධිකරණය වෙත කරුණු දක්වා ඇත.

ජල ගාස්තු ගැන රජයෙන් නව ප්‍රකාශයක්

ජල ගාස්තු ගැන රජයෙන් නව ප්‍රකාශයක්

මැද පෙරදිග වින්දිතයින් වෙනුවෙන් ලියෝ පාප් වහන්සේ ශෝක වෙති-සාමය සඳහා යාඥා කරති

මැද පෙරදිග වින්දිතයින් වෙනුවෙන් ලියෝ පාප් වහන්සේ ශෝක වෙති-සාමය සඳහා යාඥා කරති

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය

ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙ‍යි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය