නරේන්ද්‍ර මෝදිට සුපිරි ජයක් - බටහිර බෙංගාල මැතිවරණයෙන් විශිෂ්ට ජයක්

Report

බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයේ බහුතර බලය තහවුරු කරගැනීමට භාරතීය ජනතා පක්ෂය (BJP) සමත්ව ඇති බව ඉන්දීය මැතිවරණ කොමිසමේ දත්ත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආසන 294කින් සමන්විත බටහිර බෙංගාල ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 148ක් අවශ්‍ය වන අතර, මේ වනවිට නිකුත් වී ඇති නිල ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය බහුතර බලය ලබා ගැනීමට සමත්ව ඇත.

සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

කෙසේ වෙතත්, ෆාටා (Fata) ප්‍රදේශයේ ඡන්ද විමසීම අවලංගු කිරීම හේතුවෙන් මෙවර ආසන 293ක් සඳහා ඡන්ද ගණන් කිරීම සිදු කෙරෙන අතර, ඒ අනුව බහුතරය සඳහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 147 දක්වා පහත බැස ඇත.

ඒ අනුව, භාරතීය ජනතා පක්ෂය එම සීමාව ඉතා පහසුවෙන් පසුකර යමින් ප්‍රාන්තයේ බලය අත්පත් කරගැනීමට මේ වනවිට සමත්ව තිබේ.