බිහිසුණු බයික් ත්‍රීවීල් අනතුරකින් සිදුවූ දේ..පරිස්සමින් හෙමින් යන්න..
Matara
Accident
Death
By Aruna
තිහගොඩ පොලිස් වසමේ හක්මන - මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.
ඊයේ (18) පස්වරුවේ හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු, යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය පුහුල්වැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
