10 දෙනෙකුටවත් එසවිය නොහැකි යෝධ මැණිකට කරන්න හදන දේ මෙන්න.

Business Kahawaththa Gems China
By Aruna Jul 28, 2021 08:23 AM GMT
Report

කහවත්තේ ව්‍යාපාරිකයකුට හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ඒ අනුව ලබන නොවැම්බර් මසදි චීනයේ පැවැත්වීමට නියමිත මැණික් වෙන්දේසියේදි එම මැණික් පොකුර විකිණීමට බලාපොරොත්තු වේ.

රුපියල් බිලියන විස්සක (ඩොලර් මිලියන සියයක්) පමණ වටිනාකමක් ඇති බවට සැලකෙන මෙම ආර්නූල් නිල් මැණික කොරන්ඩම් වර්ගයට අයත් සැෆෙයාර් ගණයේලා සැලකේ. මෙම මැණික කිලෝග්‍රෑම් පන්සිය දහයක් පමණ බරය.

මීට මාස කිහිපයකට පෙර මෙම මැණික් ව්‍යාපාරිකයාගේ ඉඩමක ළිඳක් කපද්දී මෙම මැණික හමුවී ඇති බව මැණික් ගලේ හිමිකරු පැවැසූ බව මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් පැවසීය.

මෙම මැණික් ගල මීට දින කිහිපයකට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ ඇතුළු නිලධාරීන්ගේ ද පරීක්ෂාවට ලක්ව තිබේ.

මෙහි පිටත ක්‍රිස්ටල් හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් ඇත.

බැලූ බැල්මට එය සුදු පැහැතිව පෙණුනද එය කොරන්ඩම් විශේෂයට අයත් සැෆෙයාර් මැණිකක් බව හෙළි වී තිබේ.

මෙම මැණික් ගලේ බර කැරට්වලින් කිලෝ මිලියන 2.5ක් පමණ විය හැකි බවට විශ්වාස කරයි.

ආරක්ෂක හේතුන් මත මැණික් ගලේ අයිතිකරුගේ අනන්‍යතාව හෙළි නොකිරීමට ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත.

මෙම මැණික් ගල දස දෙනකුටවත් එසවිය නොහැකි බව ද පැවසේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now