කොවිඩ් එන්නක් නිසා සිදු වූ ප්‍රථම මරණය වාර්තා වෙයි..

Corona Covid death Indian Covid vaccine
By Aruna Jun 16, 2021 03:36 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඉන්දියාවේ ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා.

කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු එලෙස මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙක්. එන්නත්කරණයේ පසුවිපරම් සදහා ඉන්දීය රජය, පත්කළ කමිටුව විසින් එම මරණය තහවුරු කර තිබේ.

එන්නත ලබාගැනීමෙන් පසු විනාඩි 30ක කාලයක් මධ්‍යස්ථානය තුල රැදීසිටින්නයි ලබාදුන් උපදෙස් පිලිනොපැදීම, එවැනි මරණ වලට ප්‍රධාන හේතුව බවයි එම කමිටුව පෙන්වා දෙන්නේ.

එන්නත ලබා ගෙන විනාඩි 30ක කාලයක් මධ්‍යස්ථානය තුළ සිටියදී සංකූලතා මතුවූ පුද්ගලයින් 30කගේ දිවි බේරා ගැනීමට හැකිවී තිබේ.

කමිටුව සිදු කළ අධ්‍යනයකට අනුව එන්නත් මාත්‍රා මිලියනයකට රෝහල් ගත කිරීම් වාර්තා වී ඇත්තේ සියයට 4.8 ක් පමණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now