හැමෝම බලා සිටි අවස්ථාව - LPL තීරණාත්මක තරගයේ ජයග්‍රහණය කළ කණ්ඩායම මෙන්න.. (PHOTOS)
බී ලව් කැන්ඩි සහ දඹුල්ල අවුරා අතර අද පැවති තරගයෙන් බී ලව් කැන්ඩි කණ්ඩායම අද ජය හිමි කරගත්තේ ය.
ඒ තීරණාත්මක තරගයකින් පසුවයි.
ඒ දඹුල්ල අවුරා කණ්ඩායම පරාජයට පත් කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායම කඩුලු 5කින් ජයග්‍රහණය කරමින් ය.
LPL අවසන් මහා තරගයේ දී බී ලව් කැන්ඩි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවරී තිබිණ.
මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් දඹුල්ල නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147ක් විය.
කෙසේ වෙතත්, ජයග්‍රහණය සඳහා ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය බී ලව් කැන්ඩි කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ 5වන පන්දු වේදී තමන්ට නියමිත ඉලක්කය සපුරා ගනු ලැබීය.
තීරණාතමක තරගයකින් අනතුරුව සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වීමට ඇන්ජලෝ මැතිව්ස්ගෙ දායකත්වය මෙහිදි කැපී පෙනිණ.
- සිතුමි -




