අසර්බයිජානයේදී කොටු වූ 'බටුවත්තේ චාමර' අද රාත්‍රියේ දිවයිනට
By R.rishma
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර අද (10) රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.
ඉන්දියාව හරහා ඔහු මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පසුගිය 7 වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
බටුවත්තේ චාමර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ආරක්ෂක අංශවල අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකු ලෙස සැලකේ.
ඔහු දිවයිනට රැගෙන ආ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.