නගර සභාව මැදට හදිස්සියෙම කඩා පාත් වුණු බැට් මෑන් - හැමෝගෙම ඇස් උඩ යද්දි ඇවිත් කරපු දේ

Report

අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී ලබන මාසයේ පැවැත්වීමට නියමිත සුපර් බෝල් පාපන්දු තරගාවලියට ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒකකය (ICE) නිලධාරීන් යෙදවීමේ සැලසුමට විරුද්ධව 'බැට්මෑන්' මෙන් සැරසුණු පුද්ගලයෙකු සැන්ටා ක්ලාරා නගර සභා රැස්වීමට පැමිණ සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ICE නිලධාරීන්ට රට පුරා විවිධ ප්‍රදේශවල ජනතා විරෝධය පවතින පසුබිමක සැන්ටා ක්ලාරා නගර බලධාරීන් ෆෙඩරල් රජයට මෙසේ ඉඩ ලබා දීම පිළිබඳව මෙම පුද්ගලයා එහිදී දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව සඳහන්.

එළඹෙන පෙබරවාරි 8 වන දින පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයේදී නිව් එංගලන්ත පේට්‍රියට්ස් සහ සියැටල් සීහෝක්ස් කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇත.

එමෙන්ම මෑතකදී මිනියාපොලිස් හිදී ICE සහ දේශසීමා මුර සංචාරක ඒජන්තවරුන් විසින් විරෝධතාකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම නිසා ඇමරිකාව පුරා පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වූ පෙම් යුවළකට දුන්න රජ කාලේ දඬුවමක් - අමානුෂික දඬුවම මැද කාන්තාව සිහිසුන් වෙයි

කෙසේ වෙතත් නගර සභාවේ කාලය ගණනය කරන තිරයේ ද ‘බැට්මෑන්’ වශයෙන් හඳුන්වා දී තිබූ මෙම පුද්ගලයා ඉල්ලා සිටියේ, නගරයේ කිසිදු සම්පතක් ICE ආයතනය වෙත ලබා නොදෙන ලෙසත් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන ලෙසත් ය.

අඳාළ ගැටලුව වඩාත් උග්‍ර වූයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක කෝරි ලෙවන්ඩොව්ස්කි විසින් සුපර් බෝල් විරාමයේ සංදර්ශනය පවත්වන සුපිරි තරුවක් වන බෑඩ් බනීව විවේචනය කිරීමත් සමඟ බව සඳහන්.

බෑඩ් බනී ඇමරිකානු පුරවැසියෙකු වුවද, ඔහු ඇමරිකාවට වෛර කරන බවට ලෙවන්ඩොව්ස්කි චෝදනා කර ඇති බව වාර්තා වේ.

අඳාළ සුපර් බෝල් අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 6,000 කින් පමණ ආරම්භ වේ.

එය අඩු වැටුප් ලබන සාමාන්‍ය ජනතාවට සහ ලේඛනගත නොකළ පුද්ගලයින්ට දරාගත නොහැකි ඉහළ මිලක් වේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් සැන්ටා ක්ලාරා නගර බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් ලබා දී නොමැත.

සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම

සුළු මොහොතකට පෙර මේ අයගේ වැටුප් වැඩි කිරීමට ගිවිසුම්ගත වෙයි - වැඩි වෙන වැටුපත් මේ මාසෙම

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්