සුරාසැල් වසා තැබීම ගැන අලුත්ම නිවේදනයක්..!
By Sewvandhi
75 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අනිද්දා (04) දිනයේ දිවයින පුරා සියලුම මත්පැන් හල් වසා තැබෙනු ඇති.
එසේම ඊට පසුදින එනම් පෙබරවාරි මස 05 වනදාට යෙදෙන පුර පසළොස්වක පොහොය දිනය හේතුවෙන් එදිනද දිවයින පුරා මත්පැන් හල් වසා තැබෙනු ඇති.
සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සිකුරාදා (03) මත්පැන් හල් වැසිය යුතු වේලාවට එම වෙළෙඳසැල් වසා දැමීමෙන් අනතුරුව නැවත ඒවා විවෘත කළ යුත්තේ පෙබරවාරි මස 06 වන සඳුදා දින මත්පැන් හල් විවෘත කළයුතු වේලාවට බවය.
ඒ අනුව එළඹෙන 04 සහ 05 යන දින දෙක පුරා දිවයින පුරා සියලු මත්පැන් හල් වසා තැබෙනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |