බංග්ලාදේශ දේශපාලනය කැළඹෙයි -ෂෙයික් හසීනා නැවත එද්දී ජනාධිපති ඉල්ලා අස්වීමට සැරසෙයි

Report

ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙකු වන වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සදහන් වෙයි .

2024 වසරේදී පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කරමින් පුද්ගලයන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තරායකර අපරාධ අධිකරණය විසින් හසීනාට අයිතිවාසිකම් අහිමි කරමින් මරණ දඬුවම නියම කර ඇත.

එම නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බව හසීනා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය නැවත බොහෝ දෙනාගේ කතාබහට ළක්ව තිබේ.

Google වෙතින් විප්ලවීය වෙනසක් - දැන් Passwords අමතක වුණත් බිය වෙන්න ඕන නෑ

Google වෙතින් විප්ලවීය වෙනසක් - දැන් Passwords අමතක වුණත් බිය වෙන්න ඕන නෑ

වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත ගොස් සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් (Hafiz Uddin Ahmad) මහතා ආපසු පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි .

ඉල්ලා අස්වීමට නිල වශයෙන් සෞඛ්‍ය හේතූන් දැක්වීමට ඉඩ ඇති බවට වාර්තා වන අතර, පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායකයින්ගෙන් එල්ල වූ දැඩි දේශපාලන බලපෑම මීට ප්‍රධාන හේතුව වී තිබේ