ඉන්ධන පිරවුම්හලක ඉන්ධන බෙදීම නතර කල කපුටා - මෙරටින් ඇසෙන අමුතුම පුවත..(VIDEO)
By Sewvandhi
බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන බෙදීමේ කටයුතු කපුටෙක් හේතුවෙන් නතර කිරීමට සිදුවූ සිදුවීමක් වාර්තා වනවා.
ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක කපුටෙක් ගැටී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිබලය ඇනහිට ඉන්ධන බෙදීමේ කටයුතු නතරවූ බවයි වාර්තාකරු සඳහන් කළේ.
අදාළ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලැබී ඇත්තේ ද දින 5කට පමණ පසුව වන අතර ජනතාව චෝදනා කළේ කපුටා හේතුවෙන් ඉන්ධන ලබාගැනීම ද තමන්ට ප්‍රමාද වූ බවයි.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |