ඔයාගෙත් මෙහෙම වුණාද..? ඡන්දෙට කලින් මොකක්ද මේ කරලා තියෙන කැත වැඩේ..

Election Commission of Sri Lanka Election Latest Headlines
By Sewvandhi Sep 19, 2024 01:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තැපැල් දෙපාර්තමේන්තුව විසින්, නිල ජන්ද දැන්වීම් පත්‍රිකා 148 ක් හිමිකරුවන්ට ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරීක ස්ථානයක තිබී අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සොයා ගත් බවයි, නියෝජ්‍ය තැපැල්පති රාජිත. කේ. රණසිංහ සදහන් කළේ.

ඒ අනුව තාවකාලික පදනම මත සිටි අදාළ ලිපි බෙදාහැරීමේ නිලධාරීයාගේ සේවය අත්හිටුවා ඇති බවද ඔහු සදහන් කළා.