වැඩි වෙච්ච බේකරි නිෂ්පාදන වල නව මිල ගණන් මෙන්න.
(Update)
හෙට (29) සිට කෙටි කෑමවල මිල රුපියල් 5 කින් සහ කොත්තු රුපියල් 10 කින් වැඩි කෙරේ.
......................................
බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ යයි..
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ගත් තීරණය පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් එම තීරණය ගත් බවයි.
ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) දිනයේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇත. බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම අද (28) පෙරවරුවේ ප්‍රකාශයක් සිදුකරන බව ඒ මහතා පැවසීය.
තිරිඟු පිටි මිල ඊයේ දිනයේ සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන ඇති අතර බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව බේකරි හිමියන් පවසයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
