රිෂාඩ්ගේ නිල නිවසේදී ‘තවත් දැරියක් දුෂණය කළ බවට’ තොරතුරු හෙළිවේ

ajith rohana rape badurdenn madhavachchiya badurdeen wife
By Sewvandhi Jul 23, 2021 02:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මන්ත්‍රීවරයාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙනි.

අදාළ විමර්ශනවලදී මන්ත්‍රීවරයාගේ නිවසේ 2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුළ මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ආදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන එම තරුණියගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම්වලදී සිද්ධිය අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha