බදුල්ල පස්සර මාර්ගයේ තවත් මාරක අනතුරක්(PHOTOS)

accident badulla passara glain alpin diyanagala
By Sewvandhi May 12, 2021 01:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බදුල්ල නගරයේ සිට ග්ලෙන්ඇල්පින් වත්ත හරහා දියනාගල දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ග්ලේන්ඇල්පින් මහ වංගුවේදී මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද(12) පස්වරුවේ සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුන අතර එහි ගමන්ගත තවත් 10 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුනා.

වෑන්රථය මහ වංගුව අසළ නතර කර රියදුරා පිටතට පැමිණි අවස්ථාවේ රථය ආපස්සට ධාවනයවී ඇති අතර ඔහු දිවගොස් රථය පාලනය කිරීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වී පහළට පෙරලීයෑමත් සමග වැන් රථයට යටවීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුනා.

අනතුරින් ජීවිතක්ෂයට පත් රියදුරා බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්තේ පදිංචි රාජරත්නම් රාජ්න්ද්‍රන් නමැති 56 හැවිරිදි පුද්ගලයෙක්.

බදුල්ල පස්සර මාර්ගයේ තවත් මාරක අනතුරක්(PHOTOS) | Badulla Diyanagala Accident

ඡායාරූප-: Accident 1st ෆේස්බුක් පිටුවෙන්

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now