'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' සදහා රැඳවුම් නියෝග
වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් 'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' යන පුද්ගලයන් දෙසැම්බර් 02 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත.
ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන 'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' යන පුද්ගලයන් දෙදෙනා වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණදී විශේෂ ආරක්ෂාවක් යටතේ අද ඉදිරිපත් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණි.