පොලිස් මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය කිලෝ විසිදහසක් අත්අඩංගුවට

Report

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් විසිදහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මේ වසරේ ජනවාරි 01දා සිට මේ දක්වා කරන ලද මෙහෙයුම්වලදී සමත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සදහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1493ක්, ගංජා කිලෝ ග්‍රෑම් 15500ක්, කොකේන් කිලෝ ග්‍රෑම් 32ක්, හෂීස් කිලෝ ග්‍රෑම් 607ක්, අයිස් කිලෝග්‍රෑම් 2554ක් සහ මත්පෙති හා මත්කරල් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් වූ බවයි.

තවද පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය ඔත්තු සේවා සියල්ල ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එතුමා සදහන් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 30 දා ආරම්භ කළ, “රටම එකට” මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම යටතේ ගෙවුණු සති එකහමාරක කාලය තුළ පුද්ගලයන් දහතුන් දහස් හාරසිය අනූ දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි.

පාර්ලිමේන්තුව මැද කාන්තා මන්ත්‍රිනියට අපහාස - සුජීව සේනසිංහ මන්ත්‍රී ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ

පාර්ලිමේන්තුව මැද කාන්තා මන්ත්‍රිනියට අපහාස - සුජීව සේනසිංහ මන්ත්‍රී ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ

ඒ වගේම මෙම සති එකහමාරක කාලය තුළ අයිස් කිලෝ ග්‍රෑම් 108ක්, කුෂ් කිලෝග්‍රෑම් 4ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 268ක්, ගංජා කිලෝග්‍රෑම් 388ක්, හෂීස් කිලෝග්‍රෑම් 25ක් සහ මත් කරල් 4400ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ වුට්ලර් මහතා වැඩි දුරටත් සදහන් කළේ මේ වන විට නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන 09ක් ක්‍රියාත්මක වන බවත්, රැඳවුම් නියෝග යටතේ පුද්ගලයන් 299 දෙනෙක් රඳවා ප්‍රශ්න කරන බවයි.

ආවා කල්ලියේ ප්‍රධානියා ඇතුළු සෙට් එකම අත්අඩංගුවට

ආවා කල්ලියේ ප්‍රධානියා ඇතුළු සෙට් එකම අත්අඩංගුවට