පාර්ලිමේන්තුව මැද කාන්තා මන්ත්‍රිනියට අපහාස - සුජීව සේනසිංහ මන්ත්‍රී ප්‍රසිද්ධියේ සමාව ගන්න ඕනේ

Report

අද දින (12) 2026 අයවැය විවාදය සදහා පාර්ලිමේන්තුව රැස් වී ඇත.කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කර තිබේ.

එහිදී මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා හිරුනි විජේසිංහ මන්ත්‍රීවරියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි.

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ

"දැනට දවස් දෙකකට කලින් සදුදා දින හිරුනි විජේසිංහ මන්ත්‍රිතුමිය එල්ල කරමින් සිදුකල ප්‍රකාශය ගැනයි මම මේ කතා කරන්නේ.ඒ වෙලාවේ මම පාර්ලිමේන්තුව තුල සිටියේ නෑ.ඒත් මේක සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා ක්ලිප් එකක් හැටියට.ඒ වෙලාවේදී වසන්ත සමරසිංහ ඇමතිතුමා එක්ක සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සංවාදයක් කරනවා.එතකොට අමාත්‍යතුමා ලග මන්ත්‍රිනිය වාඩිවෙලා ඉන්නවා.එතකොට එයාට කියනවා රට අරගන යයිද දන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුවට කාන්තා නියෝජන විදිහට මන්ත්‍රීවරියන් ඇවිත් ඉන්නේ දේශපාලනය කරන්න.අපේ රටේ දේශපාලනය තුල කාන්තා නියෝජනය පසුගිය වසරේදී අපිට වැඩි කරගන්න පුළුවන්.ඒ 5% ඉදන් 10% පසුගිය වසරේ ඉහල නංවන්න පුළුවන් වුණා.


හිරුනි විජේසිංහ මන්ත්‍රිතුමිය පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ කාන්තාව නියෝජනය කරමින් දේශපාලන කරන්න.එයාව අල්ලන් ඒ ආකාරයට උසුළු විසුළු කිරීම ඒ වගේ ස්ත්‍රී විරෝධී ප්‍රකාශයක් මන්ත්‍රීවරයා කලේ.මුලින්ම ඒ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කල යුතුයි.ඒ වගේම සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා හිරුනි විජේසිංහ මන්ත්‍රීවරියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නට ඕනේ ඒ වගේ ප්‍රකාශයක් ගැන.


මම හිතනවා කතානායක තුමා මේකට තීරණයක් ගයි කියලා.මොකද මේක සමාජ මාධ්‍යයේ විහිළුවක් වෙමින් යනවා.මෙහෙම කරොත් ලංකාවේ කාන්තා දේශපාලනයට ලැබෙන ආදර්ශය මොකක්ද.විපක්ෂය මේ වගේ දිගටම කරන එකෙන් නරක ආදර්ශයක් දෙනවා.ඒ වගේම සජබේ මන්ත්‍රිවරියන් දෙදෙනෙක් ඉන්නවා.එයාලට පක්ෂේ ඇතුලේ කොයි වගේ තත්ත්වයක් ලබා දීලද මම දන්නේ නෑ.පක්ෂය පැත්තෙනුත් සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ගැන බරපතලව කටයුතු කල යුතුයි." යැයි පැවසුවාය.