මාලිමාවේ තුනකට වෙනත් පක්ෂයකින් ප්‍රහාරයක්.. කේස් එක දුරදිග ගිහින් මෙන්න..
ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ පිරිසකට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මත එම ආධාරකරුවා ඊයේ (22) දින අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාජනායක සදහන් කළේ ය.
වහාම, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින්.. අති විශේෂ ගැසට්ටුවක් එළියට.. රාජ්‍ය සේවයේ මෙන්න මේ අයගේ...
ඒ ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ය.
ඒ අනුව ස්ථානාධිපතිවරයා සදහන් කළේ නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ පදිංචි ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු ඔහුගේ බිරිඳ සහ 12 හැවිරිදි පිරිමි දරුවාට සැකකරු විසින් පහර දී තුවාල සිදු කර ඇති බවයි.
එම පහරකෑමෙන් තුවාල ලැබු තිදෙනා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
2025 වසර වෙනුවෙන් වතු වෘත්තීය සමිතිවලට සාමාජිකයින් බඳවා ගැනීමේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා සහ කාන්තාව ද එම සාමාජික්තවය ලබා ගැනීම නිසා සැකකරු උරණ වී මෙම පහරදීම සිදු කර ඇති බව ජාතික ජන බලවේගය සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උපලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය කියා සිටියේ ය.
එම වතුයායේ වතු වෘත්තීය සමිති සාමාජිකයින් 40 දෙනෙකුගෙන් 27 දෙනෙකු තම වෘත්තීය සමිති සාමාජිකත්වය ලබාගෙන ඇත.
සමස්ත වතුකරයේ ම වතු වෘත්තීය සමිතිවල මෙතෙක් සාමාජිකත්වය දැරූ 75% ක පමණ වතු කම්කරුවන් පිරිසක් තම වෘත්තීය සමිතියේ සාමාජිකත්වය දැරීම නිසා අනෙකුත් වෘත්තීය සමිතිවල සාමාජිකයින්ගෙන් තම වෘත්තීය සමිතියට එක් වූ සාමාජිකයින්ට විවිධ අයුරින් බලපෑම් සහ තර්ජන සිදු කරන බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
You May Like This Video👇
.