ඉරාකයේ ඇමරිකා ගුවන් කදවුරකට ප්‍රහාරයක්

Report

ඉරාකයේ සලාහුදීන් පළාතේ, අගනුවර වන බැග්ඩෑඩයට කිලෝමීටර 100ක් පමණ උතුරින් පිහිටි බලාඩ් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

ට්‍රම්ප් කියන්නේ බොරුද? සටන් විරාම නෑ - ඊශ්‍රාලය ඉරානය පවසයි

මෙම සිදුවීම බැග්ඩෑඩයේ පිහිටි කුර්දිස්තාන්24 පුවත් සේවය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාක යුද්ධයේදී භාවිත කරන ලද බලාඩ් ගුවන් කඳවුර, රටේ විශාලතම ගුවන් කඳවුරු වලින් එකකි.

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ඉරානයේ ටස්නිම් පුවත් ඒජන්සිය කලින් වාර්තා කළේ, කඳවුරේදී විශාල පිපිරීම් දෙකක් ඇසුණු බවයි. කෙසේ වෙතත්, මෙතෙක් හානි හෝ අනතුරුවලට ලක් වූවන් පිළිබඳ ක්ෂණික වාර්තා ලැබී නොමැත.

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

මේ හා සම්බන්ධ තවත් සිදුවීමකින්, බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි හිටපු ඇමරිකානු වික්ටරි බේස් කොම්ප්ලෙක්ස් ඉලක්ක කර ගනිමින් සැක කටයුතු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ටස්නිම් පුවත් ඒජන්සිය දැනුම්වත් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කළේය.

මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

මොන සටන් විරාමද ආයෙත් ඉරානේ ඊශ්‍රාලයට මිසයිල ගහලා ටෙල්අවිව් විනාශයි

කලාපයේ උද්ගත වී ඇති නොසන්සුන් තත්ත්වය මධ්‍යයේ සිදුවූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට සිදුවෙමින් පවතින අතර, ආරක්ෂක අංශ ඉහළ සෝදිසියකින් පසුවෙයි.