තව දින 3 කින් බුද මාරුවෙන් භයානක නාවික අපරාධ සිදුවන බවට අනාවැකි

Astrology Up commimg
By Sithumi Nov 18, 2021 06:01 PM GMT
Sithumi

Sithumi

Report

ලබන නොවැම්බර මස 21 වන දින එනම් තව දින 3 කින් සිදුවන ග්‍රහමාරුවක් නිසා සුවිශේෂ දේවල් සිදුවන බවට අනාවැකියක් පළ කර තිබේ.මෙම අනාවැකිය පළකරන්නේ ප්‍රකට ජ්‍යොතිෂ්‍යඥ ආචාර්ය ජීඑම් ගුණපාල මහතාය.

ඔහු පුවත්පතකට අදහස් දක්වා ඇති පරිදි 21 වනදා උදේ 4.15 ට බුධ ග්‍රහයා වෘශ්චික රාශියට ගමන් කරන අතර සෞම්‍ය ගුණයෙන් යුතු බුධ ග්‍රහයාට අසුබ ග්‍රහ රාශියකට පිවිසීම මෙන්ම 25 වනදා කේතුට සංයෝග වීමත් රවි ග්‍රහයා සමග ගමන් කිරීමත් නිසා මෙම පලවිපාක ඇති කරනු ඇත. 

රට රටවල රහස් සංවිධාන හිස එසවීම කුමන්ත්‍රණ සිදුවීම සාපරාධී ක්‍රියා ඉලිප්පෙන සිදුවීම් මතුවිම රාජ්‍යයන් බිඳ වැටීම නාවික අනතුරු මුහුදු කොල්ලකරුවන්ගේ භයානක විෂමාචාර ක්‍රියා නාවික අපරාධ ක්‍රියාවන් වාර්තාවීම මෙම පලවිපාක අතර විශේෂ වන බව ජ්‍යොතිෂ්‍යඥ ආචාර්ය ජීඑම් ගුණපාල මහතා අනාවැකි පළ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha