ආසියානු සංවර්ධන බැංකුව හා ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..!
රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අතර පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදියි.
එහිදී රටේ ආර්ථික අර්බුද විසඳීමට ආසියානු සංවර්ධන බැංකුවට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්වුණා.
ආසියානු සංවර්ධන බැංකුව වශයෙන් දිය හැකි උපරිම සහාය පිළිබඳවත්, එය විවිධ ක්ෂේත්‍ර සඳහා ලබාදෙන්නේ කෙසේදැයි යන කාරණය ගැන ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



