දකුණු ආසියානු ජනතාවාදී ස්වාධීන මාධ්‍යවේදී සම්මානය ශ්‍රී ලාංකික මාධ්‍යවේදී අසංක අතපත්තුට හිමි වෙයි.(PHOTOS) .

By Aruna Dec 02, 2023 08:02 AM GMT
Aruna

Aruna

Report

South Asia Partnership Summit & Business Excellence Award 2023 සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් මස 30 වන දින මාලදිවයිනේදී පැවැත් වුණා.

මෙහිදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් දකුණු ආසියානු සම්මාන උලෙළේ දී සම්මාන පිරිනැමුනු අතර මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ප්‍රවීණ මාධ්‍යවේදී අසංක අතපත්තුට ඇගයීමට ලක්කොට ජනතාවාදී ස්වාධීන මාධ්‍යවේදී සම්මානය හිමි කරගැනීමට සමත් වුනා.

මෙම සම්මානය ලබා දීමට තෝරාගෙන ඇත්තේ රජයේ දේශපාලනික තීරණ සම්බන්ධව විවේචනාත්මකව සහ ගවේශනාත්මකව ඍජු ලෙස ප්‍රශ්න කිරීම් පදනම් කරගෙනය.

ගගන වෙබ් අඩවියට තව දුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කලේ දීර්ඝ කාලයක් කැපවීමෙන් ජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව, ස්වාධීනව, මාධ්‍යකරණයේ නිරත වීම මත ඇගයීමකට ලක් කළ ඇති බවයි.

GalleryGallery
ReeCha