දරුවන් 151ක් හදපු හමුදා සෙබලා...තවත් කසාදෙකට සුදානම්... බිරින්දෑවරුන් කීයක්ද දන්නවද?

By Wasantha May 11, 2021 07:38 AM GMT
Wasantha

Wasantha

Report

සිම්බාවෙහි වයස අවුරුදු 66ක පුද්ගලයෙකු කසාද 16ක් කරගෙන ඇති අතර ඔහුට මේවන විට දරුවන් 151ක් දෙනෙකු සිටිනවා.

එම පුදගලය මේවන විට 17 වන කසාදය කර ගැනීමට සුදානම් වන බවට තාරතුරු වාර්තා වී තිබෙනවා.

සිම්බාවෙහි විශ්‍රාමික හමුදා සෙබෙලෙකු වූ මිස්චෙක් නයන්ද්රෝ නම් මෙම පුද්ගලයා නැවත වතාවක් වයස අවුරුදු 17ක් වූ තරුණියක් විවාහක කර ගැනීමට සුදානම් වන බවයි සඳහන් වන්නේ.

රාත්‍රී කාලයේ බිරින්දෑවරුන් සිව්දෙනෙකු සමග කාලය කතා කරන මෙම පුද්ගලයා එම බිරින්දෑවරුන් තෘප්තිමත් කිරීම තමාගේ එකම රාජකාරිය බවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු පවසා ඇත්තේ තමන්ගේ අනෙකුත් බිරින්දෑවරුන් වයසට ගොස් ඇති බැවින් මෙම තරුණ යුවතිය කසාද බැඳ ගැනීමට තීරණය කල බවයි. තමන් සතුව ඇති දරුවන් පාපන්දු කණ්ඩායම් 14කට ප්‍රමාණවත් බවත් ඔහු ආඩම්බරයෙන් පවසනවා.

දරුවන් තමන්ට අවශ්‍ය සියල්ල කර දෙන බවත් බින්දවරුන් සියලු දෙනා තමන්ගේ අවශ්‍යතාවයන් අසා ඉටුකර දෙන බවත් සඳහන් කර සිටියි.

නමුත් බිරින්දෑවරුන් 100ක් සමග දරුවන් 1000ක් බිහිකිරීම තමන්ගේ අපේක්ෂාව බවයි එම විශ්‍රාමික හමුදා සෙබලා පවසා ඇත්තේ. 1983 වසරේ දී ආරම්භ කළ මෙම ක්‍රියාව තමන් මිය යන තෙක් සිදු කරගෙන යන බව පවසා තිබෙනවා.




GalleryGalleryGallery