යුද හමුදා සෙබළෙක් වෙඩි තබාගෙන සියදිවි නසාගනී...

Sri Lanka army Gemunu Mathara urubokka
By Aruna Jul 22, 2021 05:11 AM GMT
Aruna

Aruna

Report

12 වන ගැමුණු හේවා බලකායට අනුයුක්ත යුද හමුදා සෙබළෙකු අද අලුයම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

රාත්‍රි මුර සේවයේ නිරතව සිටි මොහු රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතර - උරුබොක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මොහු සිය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now