ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20යි 20 විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබයි..
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 67කින් පරාජයට පත් කරමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස්කරගැනීමට සමත් වුණා.
ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණි.
පන්දුයැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට කඩුලු 3ක් ද උදේශිකා ප්‍රබෝධනී ලකුණු 10කට කඩුලු 2ක් ද දවාගනු ලැබීය.