ශ්‍රී පාදේ යන්න ද හිතන් ඉන්නේ ? විමසිලිමත් වෙලා යන්න

Report

සතිඅන්ත දීර්ඝ නිවාඩුවට අයිස් ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රිපාද වන්දනාවේ පැමිණි 31 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් ඇප මත මුදා හැර ඇති බව හැටන් කොට්ටාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවසිය.

හෙට සිට තවත් දෙයක ගාස්තු ඩබල් වෙයි

හෙට සිට තවත් දෙයක ගාස්තු ඩබල් වෙයි

ඇපමත මුදා හැරි සැකකරුවන් කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20-45ත් අතර පසුවන පුද්ගලයන් බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

ශ්‍රීපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන අය අත්අඩංගුවට ගැනීම සදහා දියත් කර ඇති මෙහෙයුමට සමගාමිව පොල්පිටිය, මස්කෙළිය සහ නල්ලතන්නිය යන පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිවේගයේ බිහිසුණු අනතුරක්!

අධිවේගයේ බිහිසුණු අනතුරක්!

මේ අතර සතිඅන්ත දීර්ඝ නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ගෞතම ශ්‍රීපාදස්ථානය කරුණා කිරිමට ලක්ෂ දෙකකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එසේ පැමිණි වන්දනාකරුවන් රැගත් වාහන නල්ලතන්නියේ සියලුම රථගාල්වල ගාල්කර සෙසු වාහන නල්ලතන්නියේ මුල්ගම මන්සන්ධියේ සිට මාවුස්සාකැලේ සමන් දේවාලය දක්වා කිලෝමීටර් 8 ක් පමණ දුරට මාර්ගය දෙපස ගාල් කර තැබූ බවත්, එක්වරම ශ්‍රීපාද වන්දනාවේ විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් නල්ලතන්නිය ශ්‍රිපාද උඩ මළුව මාර්ගයේ දැඩි තදබදයක්ද පැවති බවයි නල්ලතන්නිය පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.