කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනසක්

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස තුළ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

අලුතින් වෙන් කර ඇති ස්ථානවල මුදල් මාරු කිරීමේ කවුළු ස්ථානගත කිරීමේදී අදාළ වන මාසික කුලිය සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමට අපොහොසත් වීම නිසා ඒ වන විට පැවති කොන්ත්‍රාත් ගිවිසුම් අත්හිටුවීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත.

රාජ්‍ය සේවයට එන්න බලාගන ඉන්න ඔයාට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න බලාගන ඉන්න ඔයාට සුබ ආරංචියක්

  ඒ වගේම පැමිණීමේ පර්යන්තයේ අලුතින් වෙන් කරනු ලබන ප්‍රදේශයක වසර 03ක කොන්ත්‍රාත් කාලසීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමතබලය පවරා ඇති ආයතනවලින් සීමිත තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමට කටයුතු කර ඇත.

ඒ අනුව ලැබී ඇති ලංසු 05ක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය අනුව පහත සඳහන් පරිදි වසර 03ක කාලසීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු පවත්වාගෙන යාමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ධීවර හා ජලජීවී වගාව සදහා ඇහෙන සතුටුදායී ආරංචිය

ධීවර හා ජලජීවී වගාව සදහා ඇහෙන සතුටුදායී ආරංචිය

කවුළු අංක 04 – රුපියල් මිලියන 972.77 + අදාළ බදු සමඟ වූ මුදලකට Commercial Bank of Ceylon PLC වෙත

කවුළු අංක 05 – රුපියල් මිලියන 877.14 + අදාළ බදු සමඟ වූ මුදලකට Bank of Ceylon වෙත

කවුළු අංක 06 – රුපියල් මිලියන 720.79 + අදාළ බදු සමඟ වූ මුදලකට Thomas Cook Lanka (Pvt) Limited වෙත

කවුළු අංක 07 – රුපියල් මිලියන 646.64 + අදාළ බදු සමඟ වූ මුදලකට Sampath Bank PLC වෙත

කවුළු අංක 08 – රුපියල් මිලියන 631.61 + අදාළ බදු සමඟ වූ මුදලකට People’s Bank වෙත