මෙවර ජනතාවට සෞඛ්‍ය අංශය වලින් විශේෂ අවසරයක්

By Sithumi Nov 30, 2021 01:18 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව 2021-2022 වසර සඳහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භය චාරිත්‍රානුකූලව පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් හිමියන් පැවසිය.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරී කාර්යාල පරිශ්‍රයේදි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ රැස්වීමකදී නායක හිමියන් මේ බව පැවසීය. මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කරමින් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයු

තු කරමින් ශ්‍රි පාදය කරුණා කිරීමට බැතිමතුන්ට අවස්ථාව ලැබෙන බවය. වසර දෙකක් තිස්සේ මෙරට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව නොලැබීම හේතුවෙන් මෙවර ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්විමේදී, ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරින්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබූහ.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණීමේදි කොවිඩ් 19 වෛරසය සඳහා එන්නත්කරණ කාඩ්පත රැගෙන යාමෙන් බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha