විභාග සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනම් කෙරේ-පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Report

මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් (NIC) කඩිනමින් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් හේරත් මහතා සඳහන් කළේ, මෙම වසර අවසන් වීමට පෙර අදාළ සියලුම සිසුන් වෙත ස්ථිර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව බවයි. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් කඩිනමින් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සියලුම පාසල් වෙත දැනුම් දී ඇති බවද ඔහු පැවසීය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ හැඳුනුම්පත් සකස් කිරීම සඳහා අවශ්‍ය අයදුම්පත් කිසිදු ප්‍රමාදයකින් තොරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට විදුහල්පතිවරුන් පියවර ගත යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

මේ අතර, මෙම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින, ජාතික හැඳුනුම්පත සඳහා අයදුම් කර ඇති නමුත් මෙතෙක් එය නොලැබුණු සිසුන්ටද විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් ලිපිනයන් ඔස්සේ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී තම ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගත හැකි බව ජගත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.