ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මෙන්න - කථානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් හෝ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන සිදු කිරීමෙන් පසුව සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව කථානායකවරයා අද (13) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණය ලබා දී තිබෙන තීරණය මෙසේ පාර්ලිමේන්තුවට නිල ලෙස දන්වා ඇත.
පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී
එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වුවද, කාරක සභා අවස්ථාවේදී අදාළ සංශෝධන සිදු කිරීමෙන් එම අනනුකූලතා ඉවත් කරගනිමින් පනත සරල බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමේ හැකියාව පවතින බවයි.