ඉන්දියාවට තීරණාත්මක, ඇෆ්ගන් - නවසීලන්ත තරගයට පෙර අබුඩාබි ක්‍රීඩාංගනය භාර නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි - කණ්ඩායම් දෙකට දැඩි ආරක්ෂාව (PHOTOS)

By Sewvandhi Nov 08, 2021 12:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රධාන භාරකරු වන මොහාන් සිං, ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර විස්සයි විස්ස තරගය ආරම්භ වීමට මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේ වෙතත් එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි, පුවත් මූලාශ්‍ර සඳහන් කර ඇත්තේ.

වසර 22ක් පුරාවට ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් මහත් සේවයක් කළ ඩල්ජිත්, මොහාන්ගේ වියෝව ගැන මාධ්‍ය හමුවේ සංවේදී වුණා.

"ඔහු ඉතා හොඳ දක්ෂයෙක්. වෙහෙස මහන්සි වී වැඩ කරපු පුද්ගලයෙක්. ඔහු එක්සත් අරාබියට ගියා වුණත්, ලැබෙන හැම අවස්ථාවකම මාව මුණ ගැහෙන්න ආවා. මට ඔහුව ටික කාලෙකින් දැකගන්න ලැබුණෙත් නෑ. ඔහු ඉක්මණින් ගියා. ඇත්තටම ඒක ඛේදජනකයි.."

මේ අතර, මෙම අද පැවැත්වුණු නවසීලන්ත - ඇෆ්ගනිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery
ReeCha