T 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට තවත් ක්‍රීඩකයන් 05 ක්

cricket dasun shanaka T20 world cup
By Sithumi Oct 01, 2021 02:08 PM GMT
Sithumi

Sithumi

Report

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයන් පස් දෙනෙකු නම් කර තිබෙනවා.

ඒ පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් වනවා. ලෝක කුසලාන සංචිතයට නම් කර සිටි ලහිරු මධුසංඛ ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගි නොවනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන තුන් වන දා ඕමානය බලා පිටත්වීමට නියමිතයි.

මීට පෙර, විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ,

දසුන් ශානකටයි. ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග සංචිතයට ඇතුළත්. චාමික කරුණාරත්න, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, පුලින තරංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මධුශංඛ සෙසු ක්‍රීඩකයන් වනවා.

01) Dasun Shanaka – Captain

02) Dhananjaya De Silva – Vice Captain

03) Kusal Janith Perera

04) Dinesh Chandimal

05) Avishka Fernando

06) Bhanuka Rajapaksa

07) Charith Asalanka

08) Wanindu Hasaranga

09) Kamindu Mendis

10) Chamika Karunaratne

11) Nuwan Pradeep

12) Dushmantha Chameera

13) Praveen Jayawickrema

14) Lahiru Madushanka

15) Maheesh Theekshana

Reserves

01) Lahiru Kumara

02) Binura Fernando

03) Akila Dananjaya

04) Pulina Tharanga

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha