රටට අහිමි වූ තවත් කෝටි ගානක් ගැන කෝප් කමිටුවේ දී හෙළි වේ - මෙන්න විස්තරය
කෝප් කමිටුව අනාවරණය කරන ආකාරයට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය රාජ්‍ය බාගයෙන් නිසි පරිදි අය නොකර ගැනීම නිසා රජයට විශාල පාඩුවක් සිදුවී ඇති බවත් රජයට විශාල මුදලක් අහිමිවී ඇති බවත් අනාවරණයය කරයි.
ඒ අනුව ගල් කොරි සඳහා නිකුත් කරන පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව රාජ්‍ය භාගය ගණනය කිරීම කොතරම් සාධාරණද යන්න මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කර තිබේ.
එමෙන්ම ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලු පිළිබඳව මෙන්ම තිරිවානා සහ පළිඟු අපනයනයට අදාළ අක්‍රමිකතා පිළිබඳවද අවධානයට ලක්ව ඇත. ඒ අනුව නිසි යාන්ත්‍රණයක් සකස් කර පනත සංශෝධනය කිරීමට කෝප් කමිටුව දැනුම් දී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.
Cope Gsmb 12.09.2025 - Sinhala by poornima