උතුරු නැගෙනහිර, 1600 කට අධික සත්ව මරණ වලට හේතුව හෙළිවෙයි..! මරණ පරීක්ෂණ වාර්තාව එළියට..

By Sewvandhi Dec 13, 2022 10:48 AM GMT
Report

මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන්, පසුගිය දිනවල මෙරට පැවති අධික ශීත කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි එල ගවයින් ,මී ගවයින් හා එළුවන් 1660 ක් පමණ මියගියා. එලෙසම තවත් බොහෝ සතුන් ප්‍රමාණයක් අසාධ්‍ය තත්ත්වයට පත් වුණා.

මෙම හදිසි සත්ත්ව මරණ සම්බන්ධව විදිමත් විමර්ශනයක් සිදුකර වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ බලධාරින්ට උපදෙස් දී තිබුණි.

ඒ අනුව පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් එම සත්ත්ව මරණ පිළිබඳව සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාව අද දින (13) කෘෂිකර්ම අමාත්‍යවරයාට ලබා දී ඇත.

එම විමර්ශන අනුව මෙම සතුන් මියයාමට හේතුව වසංගත තත්ත්වයක් නොව හුදෙක් අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බවට සනාථ වී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. 

උතුරු නැගෙනහිර පළාත්වල සතුන් දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයට හුරුවී සිටින නිසා හදිසියේ සිදුවූ කාලගුණික වෙනස්කම් නිසා ඇති වූ අධික සීතලට එම සතුන්ට ඔරොත්තුදීමට අපහසු වන්නට ඇති බව එහි සඳහන් ය.

ඒ හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වය මෙම මරණවලට හේතුවී තිබෙන බව එම වාර්තාවේ දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now