X-press pearl මගින් සිදු වු සත්ත්ව හානිය ගණනය කෙරේ...

dolphin turtle x press pearl ship fire wales
By Sewvandhi Jul 30, 2021 10:34 AM GMT
Report

එක්ස්ප්‍රස් පරල් නෞකාවේ ගින්න හේතුවෙන් කැස්බෑවන් 417ක්, ඩොල්ෆින් මසුන් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකු මියගොස් ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම්දීම සිදුකළේය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් එම දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සපයා දී ඇති බවය.

එම මුහුදු සත්වයින් ගේ මරණ පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඔවුන්ගේ මෘත ශරීර පිළිබඳව අදාළ අධිකරණවලට කරුණු වාර්තා කර ඒවා රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර වැඩිදුර විමර්ශන සිකරන බවත් දන්වා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගිනි ගැනීමට ලක් වූ නෞකාව ආසන්නයේ තිබූ ජල සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විමර්ශනයට ලක්කළ බව පැවසීය.

එහිදී අදාළ ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව අනාවරණය වී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now