රට කරන්ට් නැතිවීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්..

CEB Sri Lanka Latest Headlines Sinhala news
By Akash Apr 13, 2025 12:20 AM GMT
Akash

Akash

Report

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සූර්ය බල ශක්තිය තාවකාලිකව නවතා දමා සහාය වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී 2025 අප්‍රේල් 13 වන දින සිට අප්‍රේල් 21 වන දින තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරයි.

ආච්චී සහ සීයා ඝාතනය කළ මුණුපුරා

ආච්චී සහ සීයා ඝාතනය කළ මුණුපුරා

අවුරුදු සමය තුල විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුර්නජනනීය බල ශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස ලෙස පහත වැටී වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡා වචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතී.

එබැවින් මෙම තීරණාත්මක කාලය පරිච්ඡේදය තුළ ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහලය මත සවිකරන ලද සූරිය පැනල හිමියන්ගේ සහයෝගය ලංකා විදුලිබල මණ්ඩලය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලබයි.

රට කරන්ට් නැතිවීමේ අවදානමක්.. වහා ක‍්‍රියාත්මක වන්න.. ලංවිම හදිසි දැනුම් දීමක්.. | An Emergency Warrinig Issued By Ceb


ReeCha