සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්...සුනාම් තත්ත්වයක්?.

Weather
By Thaya Feb 10, 2021 06:30 PM GMT
Report

පැසිෆික් සාගරයේ ලෝයලටි දුපතට ගිනිකොන දිගින් පිහිටි මුහුදු පත්ලේ කිලෝමීටර් 10ක් ගැඹුරෙන් රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි පුර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. නවසීලන්තය, වනාටු දුපත්, ෆිජි දුපත් සහ නව කැලිඩෝනියාවදුපත් සඳහා ඉදිරි පැය 03ක කාලය තුලදී සුනාමි තත්ත්වයක් ඇතිවනු ඇති බවයි සැලකෙන්නේ.මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අනතුරක් නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.