කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල මංසන්ධිය අසල අනතුරින් දැඩි රථ වාහන තදබදයක්..
Sri Lanka Police
Colombo
Kandy
Sri Lanka
Accident
By Piyumika
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල මංසන්ධිය අසලදී බස් රථයක් සහ කන්ටේනර් පැටවු රථයක් ගැනීමෙන් මීට සුලු වේලාවකට පෙර අනතුරක් සිදු විය.
අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක , මහනුවර දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගය හරහා යාමෙන් අනතුර සිදුව ඇති බව යක්කල පොලිස් රථවාහන අංශාධිපති උප පොලිස් පරීක්ෂක අබේරත්න බණ්ඩාර මහතා පැවසීය.
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු සභ ගමන්ගත් මගීන් 10 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත. අනතුර හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය මුලුමනින්ම අවහිරව තිබිණි.
