අද තරඟාවලියේ විශිෂ්ට ජයක් බංග්ලාදේශයට.

Cricket Bangladesh Cricket Team Afghanistan Cricket Team
By krishani Sep 03, 2023 05:54 PM GMT
krishani

krishani

Report

අද (03) පාකිස්තානයේ ලාහෝර් හී දී ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය පැවැත්විණ.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායක Shakib Al Hasan සමත් විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමේ නයාකයා තීරණය කළේ ය.

බංග්ලාදේශ ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ Mohammed Naim සහ Mehidy Hasan යි.

එහිදී පළමු කඩුල්ල සදහා අගනා ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් බංග්ලාදේශ ඉනිමට ශක්තිමත් පදනමක් ඔවුන් දැමීය.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 දී කඩුලු 5 ක් දැවී ලකුණු 335 ක් ලබා ගත්තේ ය.

අද තරගයෙන් ජය ගැනීමට නම් ඇෆ්ගනිස්ථානයට ලකුණු 335 ක් ලබා ගත ගත යුතු විය.

Rahmanullah Gurbaz හා Ibrahim Zadran  ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කරමින් පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ ය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු වාර 44 යි පන්දු 03 සියලු දෙනාම දැවී ලකුණු 245 ක් ලබා ගත්තේ ය.

කෙසේ වෙතත්, ඒ  අනුව අද තරගය ලකුණු 89 කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ReeCha