අම්පාර ට්‍රැෆික් OIC යට කළේ බීමත් රාජ්‍ය නිලධාරියෙක් (VIDEO)
අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට පත් කළ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බව පොලීසිය පවසයි.
ඔහු රජයේ නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. රිය අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිස් යතුරුපැදියෙන් තවත් නිලධාරියෙකු සමග ගමන් කරමින් සිටියදී අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම අනතුරට මුහුණ දී තිබුණි. ඊයේ දිනයේදී එම අනතුර සිදුව තිබුණි.
මේ අතර රිය අනතුරුවලින් සිදුවූ මරණ 6ක් ඊයේ (07) දිනයේ වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
වැසි සහිත කාලගුණයත් සමග රිය අනතුරු සිදුවීමේ වැඩි හැකියාවක් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....